සඟවාගත් ආදරය හතරවෙනි කොටස
"අනේ... අකීන් පුතේ! නෙහාරාව කවුද මැරයෝ වගයක් උස්සලා! කෝටි 50ක් ඉල්ලනවා... අනේ මගේ දුවව බේරලා දෙන්න පුතේ!" ඒ ඇමතුම ඇසෙද්දී අකීන්ගේ දෑස් රතු වී, මුහුණ යක්ෂයෙකුගේ මෙන් වෙනස් විය. ඔහුගේ මුළු සිරුර පුරාම නහර පෑදී කෝපය උච්චස්ථානයට පැමිණියේය. "අම්මේ... කිසි දේකට බයවෙන්න එපා! මම මගේ නෙහාරාට පොඩි සීරීමක්වත් වෙන්න තියන්නේ නෑ!" අකීන් සන්සුන්ව මව අමතා කීවත්, ඔහුගේ හඬ තුළ තිබුණේ මරණීය තර්ජනයකි. දුරකථන ඇමතුම විසන්ධි කළ අකීන්, එක මොහොතක්වත් ප්රමාද නොවී රාජ් වෙත ඇමතුමක් ගත්තේය. "රාජ්!" අකීන්ගේ හඬින් ගින්දර පිටවිය. නෙහාරාව කවුරු හරි උස්සලා. විනාඩි දහයක් ඇතුළත මට ඉන්න තැනයි, මේකට පිටිපස්සේ ඉන්න එවුන්ගේ විස්තරයි ඕනේ.. අද එතැන් සිට.. අකීන්ගේ ඇමතුම විසන්ධි වූ සැනින් රාජ් වහාම ක්රියාත්මක විය. රාජ් යනු මුළු කොළඹම පාතාල කල්ලීන් පාලනය කරන, ප්රධානතම නායකයාය. අකීන්ගේ කෝල් එකෙන් පසු ඔහු තත්පරයක්වත් අපතේ යැව්වේ නැත. ඔහු වහාම කොළඹ ප්රධාන ප්රදේශවල සිටින සියලුම පාතාල කල්ලි නායකයන්ට සහ තොරතුරුකරුවන්ට ඇමතුම් ලබා දෙමින් නෙහාරාගේ ඡායාරූපය යවා විස්තර සොයන්නට විය. තත්පර කිහිපයක් ඇතුළත ර...